ජනප්රිය ගායිකා නීලා වික්රමසිංහ මහත්මිය අභාවප්රාප්ත වෙයි !
මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කළ ජනප්රිය ගායිකා නීලා වික්රමසිංහ මහත්මිය (70) හදිසියේ අභාවප්රාප්ත වී තිබෙනවා.
මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනිදා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව මිලානෝහි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇති බවයි එරට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
update
මිලානෝ නව කොන්සල් ජනරාල්වරිය ලෙස පසුගියදා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි වාර්තා වේ.
දශක පහකට වැඩි කාලයක් පුරාවට සංගීත ක්ෂේත්රයේ නියැලෙමින් වියෝ ගී ගැයෙනා හදේ, දවසක් දා රෑ, මාස්ටර් සර්, සූසැටබරණින් සැරසීලා, පුංචි සිතේ පුංචි සීනා හා පාරමී දම් පුරමු අප දෙදෙනා වැනි ජනප්රිය ගීත රැසක් ඔස්සේ රසික රසිකාවියන් ගේ ආදරයට පාත්ර වූ වික්රමසිංහ මහත්මිය, ජනාධිපති සම්මානයක් ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලැබ තිබේ