විපක්ෂයම එක්වී , ජනපතිගේ තේ පැන් සංග්රහය එපා කියයි!
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ අමුත්තන් සඳහා ලබාදුන් තේ පැන් සංග්රහය සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් වර්ජනය කර ඇත.
මෙම තේ පැන් සංග්රහය අද පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදීය.
තේ පැන් සංග්රහය වර්ජනය කළ සෙසු දේශපාලන පක්ෂ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ , සහ දෙමළ ජාතික සන්ධානයයි.