නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප දෙන්න , විරුද්ධත්වයක් නැත : නීතිපති දෙපාර්තමේන්තුව

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස දහ අටකට ආසන්න කාලයක් රදවාගෙන සිටි, නීතීඥ හිජාස් හිස්බුලා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නීතීඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ නඩුවක් පවතින අතර, ජනවාරි 28 වන දා එම නඩුව නැවත කැදවන අවස්ථාවේ දී ඔහු විසින් ඇප ඉල්ලන්නේනම් පමණක් ඔහුට ඇප ලබා දීමට එකග වන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, නීතීඥ හිජාස් හිස්බුල්ලාගේ ප‍්‍රතිශෝධන ඇප අයදුම්පත නැවත පෙබරවාරි 09 වන දා අභියාචනාධිකරණය හමුවේ කැදවීමට නියමිත ය.