කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවයි

ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක් වන කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සිය ගුවන් සේවාවේ ගමන් අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලබන සතියේ සිට ඔවුන් එම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කළ තිබුණි.
එහිදී සතියකට එක් ගුවන් යානයක් පමණක් පියාසර කෙරුණි.