නීලාගේ දේහය වසා තැබීමට තීන්දු තීරණය කොට ඇත

ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය විවෘත නොකර වසා තැබීමට තීරණය කොට ඇත.

ඒ, ඇගේ ඉල්ලීමක් අනුව බව පවුලේ සාමාජිකයෝ පවසති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නීලා වික්‍රමසිංහ මහත්මියගේ සැමියා වන කපිල හේරත් පවසන පරිදි දේහය බදාදා (26) අළුයම මෙරටට රැගෙනඒමට නියමිතය.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිලානෝහි සැන් රෆායල් රෝහලට ඇතුළත් කෙරුණු ඇය ඉකුත් 17 වැනිදා උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

දේහය මෙරටට ගෙන්වීමට අදාළ සියලු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සිදුකෙරෙන බවත්, ඇගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ‍හෙට (24) දිනයේදී තීරණය කිරීමට නියමිත බව සඳහන්ය.