අගමැති ජය ශ්‍රී මහා බෝ රදුන් සහ රුවන්මැලි සෑය වන්දනාව!

ජය ශ්‍රී මහා බෝ රදුන් සහ රුවන්මැලි සෑය වන්දනාව! රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශීර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් අද (15) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගතිමි. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගතිමි. අනතුරුව රුවන්වැලි චෛත්‍යාධිකාරී, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව ‍චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගතිමි. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.