කඳවල, තරුණ වෛද්‍යවරියට දුරකථනයෙන් තර්ජනය කළ දේශපාලකයා අත්අඩංගුවට (Photo & Voice Video)
කඳවල සෞඛ්‍ය වෛද්යවරියවන ප්රියන්තිනීට , ඇගේ පුද්ගලික දුරකථනයට අමතා , දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන බී. ගෝපාලක්‍රිෂ්ණන් 2022.02.03 දක්වා අත්අඩංගුවේ තබා ඇතිබව ධර්මපුරම් පොලිසිය කියයි.
තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට වෛද්‍යවරිය , ධර්මපුරම් පොලිසියට , පසුගිය 26වනදා පැමිණිලි කර තිබුණි.
එම පැමිණිල්ල අනුව , කඳවලෙයි වෛද්යවරියවන ප්රියන්තිනීට දුරකථනයෙන් තර්ජනය කළ , බී.ගෝපාලක්රිෂ්ණන්ව ධර්මපුරම් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ,වට්ටුකෝට්ටයි ප්‍රදේශ සභාවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරඟකොට ඇත.
වෛද්‍ය ප්රියන්තිනීට , ඔහු දේශපාලන බලයෙන් තරවටුකරමින් තමන් ජනධිපති ගෝටභය මහතාගේ සගයෙක් කියා බැනවදින , දෙමළ බසින්වූ එම වීඩියෝ හඬ පටය මෙන්න:
(ඔහු එම හඬ පටයේ සුරේන් රාගවන් මහතා සහ සේව්වෙල් යන අයගේ ප්‍රශ්නයකට බැන වදින ආකාරයක් පෙනේ )