පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් , කාදිනල්වරවරයා වතිකානුවට යන්න හදයි..!
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තාවල අවසන් නිර්දේශ ක්‍රියාත්මක කරගත නොහැකි නීතිපතිවරයා දැන් කරමින් සිටින්නේ එම ප්‍රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගැනීම බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අද මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කර සිටියා.
කාදිනල්තුමා පවසන්නේ නීතිපතිවරයාට එවැනි අයිතියක් නැති බවයිටයි. නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ දේශපාලන ලෝකයේ සිටින අයගේ වුවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කිරීමට නොව ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට බව ඔහු ප්‍රකාශ කර සිටියා.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබෙන අවස්ථාවක පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පතන බවයි කාදිනල්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙම මස අවසන් භාගයේදී වතිකානු සංචාරයක නිරත වීමට තීරණය කොට තිබෙනවා.
මෙම සංචාරයේදී කාදිනල් හිමිපාණන් ශුද්ධෝත්තම පාප් වහන්සේ ඇතුලු වතිකානුවේ ඉහළ බලධාරීන් හමුවී පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග විසින් සදහන් කරනවා.
මීට අමතරව කාදිනල් හිමිපාණන් අමෙරිකාවේ අගරදගුරු හිමියන් සමග පසුගිය දින දෙක පුරාම දුරකතනය ඔස්සේ සාකච්ජා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් හුවමාර කරගෙන ඇති බවද මාධ්‍ය වෙත වාර්තා වේ.