මැතිවරණය වංචාකර දින්නේ : බයිඩන් ජය ලැබූ බව ට්‍රම්ප් ප්‍රථම වරට පිළිගනී

“ඔහු (බයිඩන්) ජයග්‍රහණය කළේ මැතිවරණය මංකොල්ලකෑ නිසායි. මැතිවරණ දිනයේ හෝ මැතිවරණ ගණන් කරන දිනයේදී ඇපේ නිරීක්ෂකයන්ට ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නැහැ. රැඩිකල් වාමාංශික ආයතන ව්‍යාජ හෝ නුසුදුසු උපකරණ භාවිත කර තිබෙනවා. ව්‍යාජ හා නිහඬ මාධ්‍ය ඇතුළු තවත් බොහෝ දෙනෙක් මේ සඳහා උදව් කර තිබෙනවා.”

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට එරට තේරී පත් වූ ජනපති ජෝ බයිඩන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව සිය ට්විටර් පණිවුඩයකින් පිළිගෙන ඇති අතර, කුමන්ත්‍රණ හා මැතිවරණ වංචාවන් මීට හේතු වූ බව පවසමින් චෝදනා කර තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේදී රටපුරා ඡන්ද නිරීක්ෂකයින්ට සහ ස්වාධීන නිරීක්ෂකයන්ට ඒ සඳහා අවසර දී ඇති අතර, ඡන්ද ගණන් කිරීමේ මෘදුකාංග තුළ පුළුල් දෝෂ ඇති වූ අවස්ථාවක් වාර්තා වී නොතිබුණු බව කියැවෙයි.

නමුත් ට්‍රම්ප් මෙවර මැතිවරණය තමා ජයග්‍රහණය කළ හැකි බවට වූ ව්‍යාජ විශ්වාසය තවදුරටත් දෙගුණ තෙගුණ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.