රටවල් 36කට රුසියානු ගුවන් සීමාව තහනම් : ප්‍රවේශපත්‍ර මිල ඉහළ යනු ඇත?

යුරෝපා සංගමය ඉරිදා රුසියානු ගුවන් යානා සිය ගුවන් සීමාවෙන් තහනම් කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් 36ක ගුවන් ගමන් සඳහා රුසියානු ගුවන් සීමාව වසා දමා ඇති බව විදෙස් මාර්ග වාර්තා කරයි.

බි‍්‍රතාන්‍යය රුසියාවේ ගුවන් යානා සහ පුද්ගලික ගුවන් සේවා තහනම් කිරීමට පළිගැනීමක් ලෙස රුසියාව පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් තහනම් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනතුරුව යුරෝපා සංගමය පසුගිය ඉරිදා නිවේදනය කළේ රුසියානු ගුවන් ගමන් සඳහා එම රටවල ගුවන් කලාපය වසා දමන බවයි.

තහනම නිසා ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන එබැවින් ප්‍රවේශපත්‍ර මිල ඉහළ යනු ඇතැයි ද උපකල්පනය කෙරේ.