දඟපන්දු යවන්නෙක් ලෙස සැලකෙන ෂේන් වෝර්න් අභාවප්‍රාප්තවේ

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම පා දඟපන්දු යවන්නෙක් ලෙස සැලකෙන ෂේන් වෝර්න් අභාවප්‍රාප්ත වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එහි සඳහන් වන්නේ ඔහුට හෘදයාබාධයක් වැලදී ඇති බවය.
මියයන විට ෂේන් වෝර්න් 52 හැවිරිදි වියේ පසුවිය.
ඔහු තායිලන්තයේ දී මියගොස් තිබේ.
1992 සිට 2007 දක්වා ටෙස්ට් පිටියේ දස්කම් දැක්වූ වෝර්න්, ටෙස්ට් කඩුලු 708ක් හිමිකර ගෙන තිබුණි.