සැබෑ ජන අරගලය යට ගහන්න රජයෙන් තවත් සෝෂල් මීඩියා කැම්පේන් එකක් !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නව පියවරක් ලෙස තම Facebook profile picture ෆේස්බුක් මුහුණත් පින්තූරය වෙනස් කර තිබේ.
රජයට එරෙහිව විරෝධතාකරුවන් විසින් භාවිතා කරන ලද ජාතික කොඩිය ඇතුළත් කරමින් සියලුම නායකයින් ඔවුන්ගේ ප්‍රධාන මුහුණත් පින්තුර මෙලෙස වෙනස් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයින් තවමත් තම ෆේස්බුක් සටහන්වලට අදහස් දැක්වීමට (Comments) මහජනතාවට අවසර දී ඇතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් තම ෆේස්බුක් සටහන්වලට අදහස් දැක්වීම ජනතාවට සීමා කර තිබේ.
මේ අතර විශාල වශයෙන් මේ වනවිට සමාජ ජාලා තුල මෙන්ම සමාජයේ ව්‍යාප්තව ඇති ආණ්ඩු විරෝධී මෙන්ම ජනාධිපති ඉවත් කිරීමේ ජනතා අරගලය වෙනතකට යොමු කිරීම සඳහා මෙම ප්රචාරක ව්‍යාපෘතිය ආණ්ඩුව පාර්ශවයෙන් ආරම්භ වී තිබේ.
?FACEBOOK TRENDS : President @GotabayaR and Prime Minister @PresRajapaksa’s Facebook profile pictures changed to the now trending “??” filter.
Interestingly, the filter became popular for taking a stand against #SriLankaEconomicCrisis
Lots of “Haha” and “Angry” reacts#lka pic.twitter.com/PgLAhnRt2J
— Dasuni Athauda (@AthaudaDasuni) April 6, 2022