ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්රවාහනය කල බවට සැක කෙරෙන පාර්සල් 10ක අසුරණ ලද රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු,කේරළ ගංජා කිලෝ 22කුත් ග්රෑම් 475ක් සැක කරුවන් පස් දෙනෙකු සමග අද (16) අලුයම අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් අතර කාන්තාවක් ද වන අතර ඔවුන් සියලුදෙනා කන්දකුලිය සහ කුරුඥම්පිටිය පදිංචි වයස අවුරුදු 30 ත් 50 ත් අතර අයවලුන් වෙති.
ඊයේ සැන්දෑවේ සැකකරුවෙකු සහ කාන්තාවක යතුරු පැදියකින් කේරළ ගංජා ඇසුරුම් හතරක් ප්රවාහනය කරමින් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ප්රශ්න කිරීමේදී එවැනි ඇසුරුම් හයක් ධීවරයෙකු හා තවත් සැකකරුවන් තීදෙනෙකු සන්තකයේ තිබිය දී සොයා ගෙන ඇත.
සැකකාර ධීවරයා පවසා ඇත්තේ මුහුදේ පාවෙමීන් තිබී මෙම ඇසුරුම් අහුලා ගත් බව ය.
සැකකරුවන් කල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.