පාස්කු ප්‍රහාරය පසුපස සිටියේ බුද්ධි අංශ ප්‍රධානියා : මනූෂ නානායක්කාර (Video)
පාස්කු ප්‍රහාරය පසුපස සිටියේ බුද්ධි අංශ ප්‍රධානියා වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සදහන් කර සිටියේය.
ඊයේ දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඊට තවත් බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධ වී සිටි බවකි.
නමුත් අද දින එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙසත් තොරතුරු ඇත්නම් නඩු පවරන ලෙසත්ය.