තවත් Covid-19 මරණ 3ක්!
Covid-19 හේතුවෙන් තවත් මරණ 3ක් සිදුවී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා කොළඹ 13 ප්‍රදේශ වල පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.