21න් ජනපති බලතල අඩු කරන්න එකඟතාවක් නෑ!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීරඝ සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජාවට අගමැතිවරයා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා කැදවාගෙන ගොස් ඇති අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දිනේෂ් ගුණවර්ධන සහ ජී.එල්.පීරිස් යන මහත්වරුන් ඊට එක්ව සිට ඇත.
කෙසේවෙතත් මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර ඇතැම් යෝජනාවලට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධය පළව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව අගමැතිවරයා පත් කිරීම සහ ඉවත් කිරීම, කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම ඇතුලු බලතල රැසක් සිය කාල සීමාවෙන් පසු ක්‍රියාත්මක වන ආකාරයට සංශෝධනය විය යුතු බවත්, තමන්ට ජනතාව ජනවරමක් ලබා දී ඇත්තේ වත්මන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තියද පුද්ගලයකු ඉලක්ක කර රැගෙන විත් ඇති බවට සමාජයේ මතයක් පවතින නිසා එය 21 වන ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු නැති බවත්, එය සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කළ හැකි බවට නීතී උපදෙස් ලැබී ඇති බැවින් එසේ කළ හැකි බවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ අදහස වී ඇත.
කෙසේවෙතත් ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් මෙහිදී යම් යම් එකගතාවන්ට දෙපිරිස පැමිණ ඇති බවද සදහන්ය.
ඒ අනුව ජනාධිපතිවරයා සතු ප්‍රධාන විධායක බලතල සම්බන්ධයෙන් මෙහිදීද අවසන් එකගතාවකට පැමිණීමට නොහැකිව අගමැතිවරයාත්, නිමල් සිරිපාලද සිල්වා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතාත් හිස් අතින් නැවත පැමිණ ඇති බවක් දැනගන්නට ඇත.