ප්‍රදේශ රැසක මුහුදු රළ ගොඩට පැමිණ වීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා

හුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගාලු පාර අම්බලන්ගොඩ මාදම්පේ උස්මුදුනාව හංදිය සිට හික්කඩුව පොලිස් වසමේ කුමාර කන්ද හන්දිය දක්වා වූ මාර්ගය වසා දමා ඇත.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දෙහිවල අම්බලන්ගොඩ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මුහුදු රළ ගොඩට පැමිණ වීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා වී තිබේ.

පවතින දැඩි සුළං තත්ත්වය සහ මුහුදේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මුහුදු රළ ගොඩට පැමිණ තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම මත බස්නාහිර හා දකුණු මුහුද ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවය.