සජිත් මිලියන 15.6ක් වටිනා දුර්ලභ ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දෙයි

මැයි 19දා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දුවක් ඉටු කරමින් සජිත් මිලියන 15.6ක් වටිනා දුර්ලභ ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දෙයි !

“සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ සහ සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට ක්‍රියාත්මක කරනු ලැබන අතර හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන Recombinant Streptokinase (IP 1500000IU) විශාල අඩුපාඩුවක් පවතින බව විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා විසින් දැනුම් දී තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද 2022 මැයි 18 දින අවධානය යොමු කරනු ලැබීය.

අදාල ඖෂධ තොගය මේ රට තුළ හිඟ බවත් හැකිනම් “හුස්මක් වැඩසටහන” හරහා එම ඖෂධ ගෙන්වා දෙන ලෙසත් අගමැතිවරයා ද අභියෝග කරමින් ඉල්ලා සිටියේය.

මේ රටේ ජන ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා අතිමහත් වගකීමක් අප සතු අතර එය හැකි සෑම විටෙකම ඉටු කිරීමට සැදී පැහැදී සිටිමු.

අදාළ ඖෂධ සොයා ගැනීම උදෙසා අප විසින් දරන ලද උත්සාහය මල්ඵල ගන්වමින් විපක්ෂ නායක විධායක සම්බන්ධීකාරක නයන වාසලතිලක මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් (ඩොලර් 42,840ක්) රුපියල් මිලියන 15.6ක් වටිනා Recombinant Streptokinase(IP 1500000IU) එන්නත් 4000ක් විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා වෙත අද පරිත්‍යාග කරනු ලැබීය.

Recombinant Streptokinase යනු ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට මුහුණදෙන හෘද රෝගීන්ගේ ජීවිත සුරක්ෂාව උදෙසා අත්‍යාවශ්‍ය වන ඖෂධයකි.

ජීවිතය ජීවත් කරවීම උදෙසා අරගල කරනු ලබන ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි