8 – 9 උද්ඝෝෂණ නවත්වන්න ඉල්ලා පොලිසිය ගියත් , උසාවිය බෑ කියයි!

මේ මස 08 සහ 09 කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්රතික්ෂේප කළා.
අපරාධයක් සිදු වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල තිබෙන හෙයින් අදාල ඉල්ලීම ප්රතික්ෂේප කරන බවද අධිකරණය සඳහන් කළා.
කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්රාත් විසින් මෙම නියෝගය කළා.