නාමල්ගේ බිරිය ලිමිණි දරුවාත් සමග අද අලුයම ප්‍රංශය බලා පිටවෙයි !
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද අලුයම සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත.
ලිමිනි සහ ඇගේ දරුවා සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ප්‍රංශය බලා පිටත්ව යාමට පෙරවරු 12.05 ට රටින් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය පවුලේ අය බැලීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) පැමිණෙන අයුරු දැකගත හැකි විය.
My wife’s work has always revolved around travel & tourism. It has nothing to do with my political life! She is a career woman & will continue to be so! Her travel is purely related to her work don’t think that constitutes as #BreakingNews.https://t.co/xOOMUqceRP
— Namal Rajapaksa (@RajapaksaNamal) July 8, 2022
තම බිරිය විදෙස් සංචාරවල නිරතවීම ප්‍රවෘත්තියක් කර නොගන්නා ලෙසත්, ඇය විනෝධාංශයක් වශයෙන් විදෙස් සංචාරවල නිරත වන බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය බිරිය සහ දරුවා ප්‍රංශය බලා පිටත්ව යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත්වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
සිය බිරිය සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක නිරත වන බැවින් නිතරම විදේශත වීමට සිදුවන බවද මන්ත්‍රීවරයා එහිදී සදහන් කොට ඇත.