“ගෝඨාභය මාලදිවයිනෙන් පිටුවහල් කරන්න” – ජනතාව විදි බසී (VIDEO)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලමින් මාලදිවයිනේ මාලේ අගනුවර විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
ඔවුන් මාලදිවයිනේ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලිහ්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපතිවරයා යළිත් ශ්‍රී ලංකාවට යවන ලෙසට ඔවුන් මෙම විරෝධතාවයෙන් ඉල්ලා සිටි බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම ගුවන් හමුදා යානයකින් දිවයිනෙන් පිටත්ව මාලදිවයින බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් හමුදාව පැවසුවේ රජය කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට පිටව යාමට ගුවන් යානයක් ලබා දුන් බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දිනයේදී මාලදිවයිනේ සිට සිංගප්පූරුව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බවයි මාලදිවයින් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ විරෝධතාවයට අදාළ දර්ශන පහතින්,