අයවැය අද මැතිසබයට
දෙවැනි වර කියවීමේ විවාදය හෙට සිට 21 තෙක් ඡන්දය දෙසැ. 10 දා
එළැඹෙන 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය ඉදිරිපත් කිරීම සඳහා අද පස්වරු 1.40 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් අද ප්‍රකාශයට පත් කරන අයවැය මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකේ.
2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678 ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900 ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (18 වැනිදා) සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡුන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වේ. හෙට සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00 ට ඡුන්ද විමසීම පැවැත්වෙනු ඇත.
අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
හෙට විදේශ තානාපතිවරුන්ට සහ මුදල් අමාත්‍යංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැුස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරිගේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇත. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.
අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.