ජිනීවා :රනිල් ඉල්ලා අස්වවී මහ මැතිවරණයකට යනු ,අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින විරෝධතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පසුගිය ඉරිදා (24), ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවයක යෙදී තිබේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ මහජන මතය සැබෑ ලෙස පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා වහා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගාළු මුවදොර අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව ද ඔවුන් කියා සිටියහ.