ගුවන් යානය තුළ දී අරගලකරුවෙකු අත්අඩංගුවට (Video)
ජාතික රූපවාහිනියට අනවසරයෙන් ඇතුළු වූ අරගලකරුවෙකු ශ්‍රී ලංකාවෙන් පිටවී ඩුබායි බලා යාමට සූදානම්ව සිටියදී බුද්ධි අංශ නිලධාරීන් යානයට ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමට ගමන් තහනමක් හෝ අධිකරණ නියෝගයක් තිබේද යන්න පිළිබඳව එහි සිටි ඇතැම් පිරිස් බුද්ධි අංශ නියෝජිතයන් සමඟ තර්කක කරන අයුරු දැකගත හැකිවිය. අනික ඔහු මිනීමරුවෙක් හෝ අපරාධකාරයෙක් හෝ නෙවෙයි, ඔයාලා වගේ අය වෙනුවෙන් සටන් කළා. ඒ නිසා සංචාරක තහනමක් තිබේ නම් හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තිබේ නම් පෙන්නා අත්අඩංගුවට ගන්නයි එහි සිටි මගීන් බහින් බස්වන වීඩියෝවක් සමාජ ජාලයට ලැබී ඇත .
ලැබෙන තොරතුරුවලට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව දැනගන්නට ඇත.
මීට පෙර පසුගිය 13 වැනිදා පැවති විරෝධතාවයේදී ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සජීවී වැඩසටහනට පැමිණි ක්‍රියාකාරීන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරන ලෙස පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී තිබුණා.
News Udate
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළහි සිට ගුවන් යානයකින් ඩුබායි බලා යාමට උත්සාහ කරමින් සිටියදී ගෝඨගෝගම ක්‍රියාකාරිකයෙකු වන ධනීශ් අලී නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික රූපවාහිනියට ඇතුළු වී විකාශනය කඩාකප්පල් කිරීමට තැත් කළ බවට ඔහුට මීට පෙර චෝදනා එල්ල විය.
ඔහු අත්අඩංගුවට ගැනීමට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.