ආනයනික හරක් මස්වල කොරෝනා වෛරසය තිබී හමුවූ බව චීනය කියයි
ආනයනික හරක් මස්වල සහ ඒවායෙහි ඇසුරුම්වල තිබී කොරෝනා වෛරසය සොයා ගෙන ඇතැයි චීනය පවසන බව ‘Reuters‘ වාර්තා කරයි.
මෙම මස් ගෙන්වා ඇත්තේ බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවලිනි.
මෙම තත්ත්වය තුළ ශීත කළ ආහාර ද්‍රව්‍ය පිළිබඳ කෙරෙන පරීක්ෂාවන් තවදුරටත් ඉහළ දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.
ආජන්ටිනාවෙන් ආනායනය කරන ලද ඌරු මස් වල ඇසුරුම් වලද වෛරසය තිබී හමුවූ බව ඔවුන් පවසයි.
කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශීත කළ ආහාර ද්‍රව්‍ය හරහා වෛරසය ආසාදනය වීමට ඇති ඉඩ අවම බවයි.