ලංකාවට ප්රතිලාභ ලැබෙන වෙළඳ යෝජනා ක්‍රමයක් එක්සත් රාජධානියෙන්……..
‘සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS)’ නමින් නව වෙළඳ ක්‍රමයක් එක්සත් රාජධානිය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ බ්‍රිතාන්‍ය වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවට ප්රතිලාභ සැලසෙන ආකාරයටයි.
එය ‘ලෝකයේ ඕනෑම රටක වෙළඳ අභිරුචිවල වඩාත්ම ත්‍යාගශීලී කට්ටලයක් වන අතර ආර්ථිකය නංවාලීමෙන් සහ රැකියා සඳහා සහාය වීමෙන් ශ්‍රී ලංකාවට ප්රතිලාභ ලැබෙනු ඇති’ බවයි කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් පවසන්නේ.
පහත සඳහන් දේවලින් ශ්‍රී ලංකාවට ප්රතිලාභ ලැබෙනු ඇති.
නිෂ්පාදනවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට තීරුබදු රහිත අපනයන.
DCTS නිෂ්පාදන 150කට අධික ප්‍රමාණයක තීරුබදු ඉවත් කරනු ඇති.
සෘතුමය තීරුබදු සරල කිරීම හේතුවෙන් එක්සත් රාජධානියට ශ්‍රී ලංකා අපනයන සඳහා අමතර සහ සරල ප්‍රවේශයක් ලැබේ.
නව වෙළඳ යෝජනා ක්‍රමය එක්සත් රාජධානියේ GSP වෙනුවට ක්‍රියා කිරීමට නියමිත අතර එය 2023 දී ක්‍රියාත්මක වේ.