මුදලිගේ, හෂාන්ත,සිරිධම්ම හිමියන් තංගල්ලට අරන් යයි!
දින 90ක රැඳවුම් නියෝග ලද, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරන බවය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, ත්‍රස්තවාදී චෝදනාවලට අදාළව විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දුන්නේ ඊයේ (23) දිනයේදීය.