පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දමන්නවේවි : බන්දුල ගුණවර්ධන

පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීමට හෝ වෙනත් ක්‍රියාමාර්ග නොගතහොත් රට පවත්වාගෙන යාමට බැරි වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ සේවකයන් ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් ඇති කර අතිරික්ත සේවකයන් ඉවත් කරගත හොත් ආයතන කඩා නොවැටී පවත්වාගෙන යා හැකි බවයි ඔහු කියන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කිසිවිටකත් වන්දි ගෙවීමකින් තොරව සේවකයන්ගේ සේවය අවසන් කිරීමක් සිදු නොකරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.