චීන තානාපතිට එරෙහිව ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් යුද්ධයක් පටන් ගනී!

මූලික රාජ්‍ය තාන්ත්‍රික රීතීන් උල්ලංඝණය කරමින් චීන තානාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධව තියුණු විවේචනයක් සහිත ට්විටර් පණිවුඩ මාලාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

එම ට්විටර් පණිවුඩ මාලාවේ මෙසේ සඳහන්ව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!


චීන තානාපතිතුමා පළ කළ අදහස් අපගේ අවධානයට ලක්ව ඇත. මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීම එතුමාගේ පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිඹිබු කරන්නක් විය හැකිය.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා පිළිබඳ එතුමාගේ අදහස් එතුමාගේම රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැකිය. ඉන්දියාව එයට වඩා බෙහෙවින් වෙනස් බව අපි එතුමාට සහතික කර සිටිමුඃ

විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව කියන නෞකාවේ සංචාරය සඳහා එතුමා විසින් භූ දේශපාලනික සංදර්භයක් ආරෝපණය කිරීම විසින්ම එම සංචාරයේ අරමුණ පැහැදිලි විය.

විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට විශේෂයෙන්ම කුඩා රටවලට විශාල අභියෝගයකි. මෑතකාලීන වර්ධනයන් අනතුරු ඇඟවීමකි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය මිස, අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටුකරන අනවශ්‍ය මතභේද නොවේ.