බෝගම්බර පැරණි හිරගෙදරින් පහක් පනී. අයෙක් මරුට.
බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් ඊයේ රාත්‍රියේ දී පළා යැමට උත්සාහ දැරූ රැඳවියන් පස් දෙනෙකු ගෙන් එක් අයෙකු බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී ඇත.
තවත් රැඳවියෙකු පළා ගොස් තිබේ .
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල් ගත කොට තිබෙන අතර තවත් රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ .
පළා යාමට ගොස් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 500ක් ලඟ තබා ගැනීම සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකු බව වාර්තා වේ.
නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කොට තිබෙන පැරණි බෝගම්බර් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වාට්ටුවක නිරෝධායනයට ලක් කොට සිටි මෙම පිරිස පලායාමට උත්සහ කර ඇත්තේ බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලයට නැගීමෙන් .
මේ වන විට එම ගොඩනැගිල්ලේ රඳවා සිටින රැඳවියන් ගණන 410 කට ආසන්නයි.
මෙම ස්ථානය දැනට ක්‍රියාත්මක වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන යක් ලෙසින්.