ලිස් ට්‍රස් , බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස නම් කෙරිණි.
ලිස් ට්‍රස් , කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක්ව පරාජය කිරීමට ඇය සමත් වූවාය.
ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්රැහැම් බ්‍රරැඩි විසින් නිවේදනය කළේය.
ඒ අනුව ඇය හෙට (06) එම තනතුර භාරගැනීමට නියමිතය.
ලිස් ට්‍රස් , එංගලන්තයේ අග්‍රාමාත්‍ය තරඟයෙන් රිසි සුනෙක්ට වඩා ඡන්ද 21,000 කින් ජයග්‍රහණය කළාය.
බොරිස් ජොන්සන් එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්විය.
නව අග්‍රාමාත්‍ය තනතුර සඳහා ඉන්දීය සම්භවයක් ඇති රිෂි සුනක් සහ එරට විදේශ අමාත්‍ය ලිස්ටෙරස් අතර දරුණු තරගයක් පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය ධුරය සඳහා වූ ඡන්ද විමසීම පසුගිය 02 වැනිදා අවසන් වුණා.
මෙම මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් ලක්ෂ 1.60ක් තැපැල් මගින් හා අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කර ඇත. ප්‍රකාශිත සියලුම ඡන්ද ගණන් කර ප්‍රතිඵල අද ප්‍රකාශයට පත් කරන ලදී.
ලිස් ට්‍රස්, පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකව ලෙස තේරී පත් වූ අතර, ඇයගේ ප්‍රතිවාදියා වූ රිෂි සුනක්ට වඩා ඡන්ද 21,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත්තාය.
රිෂි සුනක් ඡන්ද 60,999 ක් සහ ලිස් ට්‍රස් ඡන්ද 81, 99 ක් ලබා ගත්හ.
අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වීමෙන් පසු අදහස් දැක්වූ ලිස් ට්‍රස් කියා සිටියේ, “මම දැඩි අරගලයකින් පසුව අග්‍රාමාත්‍ය මැතිවරණය ජයග්‍රහණය කළා. මා කෙරෙහි විශ්වාසය තැබූ සැමට ස්තුතියි. බොරිස් ජොන්සන් සහ රිෂි සුනක්ටත් මගේ ස්තුතිය. මම ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා. ආර්ථිකය නංවාලීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා,” යැයි පැවසීය.
ලිස් ට්‍රස් එක්සත් රාජධානියේ අගමැතිනිය වීමේ තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එලිසබෙත් රැජින හමුවීමට සූදානම් වේ.
ලිස් ට්‍රස් අගමැතිනිය ලෙස තේරී පත් වූ බව එංගලන්ත රැජින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ලිස් ට්‍රස් හෙට දිනයේ අගමැතිනිය ලෙස දිවුරුම් දීමට ඉඩ ඇති බව පැවසේ.