ලංකාවයි , පාකිස්තානයයි ෆයිනල් ගහන්න තීන්දුයි!

අද තරගයේදී පාකිස්තානය ඇෆ්ගනිස්තානය පරාජයට පත් කිරීමත් සමග තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගය සදහා සිය ස්ථාන වෙන් කරගැනීමට පාකිස්තානයත් ලංකාවත් සමත් විය.
ඒ අනුව අවසන් වටයේ පැවැති තරග 2ම ජයග්‍රහණය කිරීමට මේ වනවිට පාකිස්තානයත්, ලංකාවත් සමත්ව ඇත.
ඉන්දියාවට ඇෆ්ගනිස්තානය සමග තරගයක් ඉතිරිව තිබුණද අද තරගයේ තීරණයත් සමග ඉන්දියාව දැනටමත් තරගාවලියෙන් ඉවතට විසිව තිබේ.