වෛද්‍ය ජාසිංහ යළිත් කොවිඩ් මර්දනයට
පරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි පවසයි.
අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අද මේ බව ප්‍රකාශ කළේ, සමගි ජනබලවේග මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.