ඩලස්-ජී.එල්. මන්ත්‍රී කණ්ඩායමට කතා කරන්න නොදෙන අදිසි හස්තය කව්ද?
තම කණ්ඩායමට පාර්ලිමේන්තුව ඇතුළේ කතා කිරීමේ අවස්ථාව අහිමි කොට ඇති බවත්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සභානායකවරයා ඒ සදහා වෙලාව ලබා දිය යුතු බව කියා සිටියදීත් එම අවස්ථාව අහිමි කරවන පාර්ලිමේන්තුවෙන් පිට සිටින අදිසි හස්තය කුමක්ද යන්න ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රශ්න කර සිටියේය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට ඉඩ නොතබා එය විසදාදීමට තටයුතු කරන ලෙස අලහප්පෙරුම මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.