The London bridge is down : රැජිණගේ අභාවයෙන් පසු එංගලන්තයේ සිදුවන්නේ කුමක් ද?
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරීටය හෙබවූ දෙවන එලිසබෙත් මහ රැජින වසර 70 ක ගෞරවණිය පාලනය නිමා කර අවසන් ගමන් ගියාය.
1952 වර්ෂයේදී කිරුළ පැළඳි රැජින එම වසරේ සිට 1972 වසර දක්වා ලංකාවේ රාජ්‍ය නායකාවද ලෙස සැලකිණි.
පුරාවෘත්තයක් බඳු එතුමිය දිවි සැරියෙන් සමුගන්නා විට 96 හැවිරිදි වියේ පසුවූවාය.
එලිසබෙත් රැජිණ අවසන් ගමන් ගියේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේ දී ය.
රැජිනගේ අභාවයත් සමග ලෝක දේශපාලනයේ මෙන්ම ලාංකීය දේශපාලනය තුලත් ඉතා විශාල පෙරලින් රැසක් සිදු වීමට නියමිතයි.
මේ ඒ පිලිබඳ සමුච්චයක්,
රැජිනගේ මරණයෙන් අනතුරුව රාජකීය පවුලෙ පුද්ගලයන් අතර රැජිනගෙ මරණය කතා බහට ලක් වන්නෙ “The London bridge is down” යන රහස් කේත නාමයෙනි. මෙහි අරමුණ වන්නෙ කටකතා පැතිරි රට තුල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වීම වැලැක්වීමයි. මහජනතාවට රැජිනගෙ මරණය නිල වශයෙන් දැනුම් දීමට පෙර රාජකීයන් ඇය මිය ගොස් සිටින කුටියට එක්ව ඇයට අවසන් ගෞරව ප්‍රකාශ දක්වයි.
එංගලන්තයේ රාජකීය දේවස්ථානය ලෙස සැලකෙන “වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ” සීනුව රැජිනගේ මරණය මහ ජනතාවට දැනුම් දෙනවා. මෙහි සීනුව නාද වන්නෙ රාජකීයකුගෙ මරණයකදී පමණක් වීම එහි චාරිත්රයකි. මෙම දැනුම් දීමත් සමඟ එංගලන්තය පුරා දෙවස්ථාන වල සීනු නාද වීමෙන් ඇගේ මරණය සංකේතාත්මකව ජනතාවට දැනුම් දීම සම්ප්රදාය අනුව සිදු වේ.
Balmoral Castle, රැජින මියගිය බැවින් Edinburgh හි Holyroodhouse වෙත ගෙනගොස් එහි st’Giles දේවස්ථානයේ දී ආගමික කටයුතු සිදු කර විශේෂයෙන් ම සැකසූ රාජකීය දුම්රියකින් ඇයව ලන්ඩනය වෙත ගෙන එනු ලබයි.
ආදාහන උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ Canterbury හි Arch bishop විසිනි.
රැජින මිය ගොස් 9 වන දිනයේදි ඇයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කෙරේ.
මහා බ්‍රිතාන්‍යට හා පොදුරාජ්‍ය මණඩලයට අයත් රාජ්‍ය 15ක් සහ පොදුරාජ්‍ය මණ්ඩලය සාමාජිකත්වය දරන රටවල් 39ක් තිබෙන අතර එහි රැජින නායිකාව ලෙස සඳහන් වන මුදල් නෝට්ටු, මුද්දර හා කාසි රැජිනගෙ මරණයෙන් දින 10ක් ඇතුලත අහෝසි කර භාවිතයෙන් ඉවත් කරණ ලෙස එංගලන්ත රජය විසින් ඉල්ලීමක් කරනු ලබයි.. තව දුරටත් එංගලන්තයට රැජිනක් නොමැති නිසා queen of England යන නාමය භාවිතය නිසා අලුතෙන් පත්වන රජුට එය අගෞරවයක් විය හැකිය.
එංගලන්තයේ කොඩි කණුවල ඇති එංගලන්ත ධජයන් හා අනෙකුත් රාජකීය ධජයන් සියල්ලම අඩකුඹු කරනු ලබයි.
එංගලන්තයේ ජාතික ගීය ඇරඹෙන්නෙ “God save the queen” ලෙස වන අතර රැජින මිය ගිය පසු එංගලන්තයට තවත් රැජිනක් නොමැති නිසාවෙන් එය ද ජාතික ගීයෙන් ඉවත් වේ.
රැජිනගෙ මරණය සමඟ දින 12ක ශෝක කාලයක් දැනුම් දේ.මේ කාලය ඇතුලත දී බ්‍රිතාන්‍ය විනෝද උද්‍යාන,සිනමාහල් හා වෙනත් ජනයා විනෝද වෙන ස්ථාන සියල්ල වසා තබන ලෙස රජය ජනවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
රාජකීය නිලවෙබ් අඩවිය සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා කලුපාට පසුබිමක රැජිනගේ මරණය පිලිබද දැන්වීම පමණක් මෙම දින 12 ඇතුලත දී සිදූ කරයි.
එංගලන්තයේ ප්‍රධාන ම මාධ්‍ය නාලිකාව වන BBC තමන්ගෙ සියලුම විනෝද වැඩසටහන් මේ කාලය තුල ප්‍රදර්ශනය නවතා දමන අතර නිවේදක නිවේදිකාවන් කලු ඇඳුමෙන් සැරසී සිටියි.
ශෝක කාලය තුළදි බ්‍රිතාන්‍ය කොටස් වෙලඳපොල ඇතුළු බ්‍රිතාන්‍යයෙ සියලුම ආර්ථික මර්මස්ථාන සියල්ල වසා දැමනු ලබන මෙම නිසා ඇතිවිය හැකි පාඩුව පවුම් බිලියන ගණනක් විය හැකි බව වාර්තා වේ.
රැජිනගෙ අවසන් කටයුතු සිදුවීමට පෙර ලෝකයෙ පුරා සිටින බ්‍රිතාන්‍යයන් මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් පුරවැසියන් රැජිනට අවසන් ගෞරව දැක්වීමට බ්‍රිතාන්‍යට පැමිණීම නිසා හීත්රෝ ගුවන්තොටුපල ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස අතිශය කාර්යබහුල නිදිවර්ජිත දින කිහිපයකට සූදානම් වේ.
චාල්ස් කුමරු හා කැමීලා කුමරිය රජු සහ රැජින වන අතර විලියම් කුමරු හා කේට් කුමරිය වේල්ස් හි කුමරු හා කුමරිය බවට පත් වේ.