ලන්ඩනයේ රනිල් නැවතී සිටි ‌ හෝටලය ඉදිරිපිට රනිල්ට එරෙහිව විරෝධතාවක්!

සිය එංගලන්ත සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතී සිටි ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවක් පවත්වා තිබේ.

ඊට අදාළ ජායාරූප මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විරෝධතා පළ කරන ආකාරයක් දැකගත හැකිව තිබිණ.

මර්ධන නීති යටතේ අත්අඩංගුවටගත් සියලුම සමාජ ක්‍රියාකාරින් නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අකුලා ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාකරුවෝ විරෝධයේ නිරතව සිටියහ.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආරක්ෂකයෙක් බවත් ඔහු පිළිගත නොහැකි ජනවරමක් රහිත ව්‍යාජ ජනාධිපතිවරයෙක් බවත්ය.

මේ අතර පෙරේදා (19) සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව දක්වමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා තිබුණේය.