පොහොට්ටු 134න් මට ජනාධිපති වෙන්න ඕන නෑ හලෝ! : සජිත් ප්‍රේමදාස (Video)

ආණ්ඩුවේ පොහොට්ටු ඇමැතිවරයකු හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද දින පාර්ලිමේන්තුවේදී උණුසුම් මතගැටුමක් සිදුවිය.

ඒ, තමන්ට අගමැති ධූරය බාරගන්නා ලෙසට ආරාධනා ලැබුණු බව විපක්ෂනායකවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමගය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී ඇමැතිවරයකු බාධා කළ අතර එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ, ‘තමුන්නාන්සේලාගේ 134න් මට ජනාධිපති වෙන්න ඕන නෑ හලෝ. එහෙම පාවා දෙන්නෙක් නෙමෙයි මම. තියනවා පුලුවන්නම් ජන්දයක්. එතකොට බලාගමු’ යැයි කියාය.