ෂැංග්‍රිලා හෝටලයේ තිබ්බ සෞදි අරාබි උත්සවයක ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක්

සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි.
මෙම ජාතික දින උත්සවයේ විශේෂ අවධානයට ලක්ව තිබුෙණ් බොදු බල සේනා සංවිධානෙය් මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්ව තිබීමයි.
මුස්ලිම් අන්තවාදය පිලිබද දැඩි ලෙස ක්‍රියාකල හා අවස්ථා කිහිපයකදීම සෞදි සංවිධාන දැඩිව විවේච්නය කල උන්වහන්සේ ගේ පැමිණීම බොහො දෙනාගේ විමතියට හේතුවි ඇතිබව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලිවේ.
වසර කිහිපයක් බොදු බල සේනා සංවිධානයේ කටයුතුවලින් දුරස්ව සිටි එහි ප්‍රධාන විධායක නිළධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ද විශේෂ ආරාධිතයකු ලෙස ඥානසාර හිමි සමග මෙම ජාතික දින උලෙලට සහභාගී වී තිබිණ. ඒ ඔහුගේ භාර්යාවද සමගිනි.