අත්අඩංගුවට ගත් සියලුම අරගලකරුවන්ට අද ඇප!

ඊයේ කොළඹ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු තිදෙනෙකු ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.
ඊයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් තිදෙනෙකු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.