දුම්රිය නියාමකවරුන් මීට මඳ වේලාවකට පෙර සිට හදිසි වැඩවර්ජනයක්
දුම්රිය නියාමකවරුන් මීට මඳ වේලාවකට පෙර සිට හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ඔවුන්ගේ අතිකාල දීමනා පිළිබඳ ගැටලුවක් මෙම වැඩවර්ජනයට හේතුවී ඇති බව සඳහන්.
මෙම වැඩවර්ජනය හේතුවෙන් අද (30) දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර සාකච්ඡාවක් ද මේ වනවිට ආරම්භ වී ඇති බවත් වාර්තා විය.