දේශප්‍රේමීන්ගේ චීන ප්‍රේමය …. : ~ ප්‍රියශාන්ත රාජපක්ෂ
විමල් වීරවංශ කියන්නෙ අනගාරික ධර්මපාලගෙන් පස්සෙ ලංකාව නැවත ගෝත්‍ර දූපතක් බවට පත්කරන්න අවශ්‍ය දෘෂඨිවාදය ගණ පිහිටුවලා සකස්කරන්න ඇපකැපවෙලා වැඩකරපු චරිතයක්.
ජ.වි.පෙ. බුලත් කොලෙන් තරඟ කරපු මැතිවරණයේදී ජ.වි.පෙ.ට ආසන තිස් අටක විශාල චන්ද පදනමක් හිමි උනා. එදා හිටි ගමන් අති විශාල චන්ද ප්‍රමාණයක් ජ.වි.පෙ.ට කඩන් වැටුනේ වෙන මොකක්වත් නිසා නෙමේ වීරවංශගේ දෙමළ විරෝධී ජාතිවාදී මාකටිං ගේම් එක නිසා. ඊළඟට වීරවංශ ඒ ජාතිවාදී මාකටිං ගේම් එකත් අරන් ගියා මහින්ද ගාවට. එතෙන්දි ජ.වි.පෙ. චන්ද පදනම ලෙල්ලටම හේදිලා ගියා. එතෙන්දි ජ.වි.පෙ.ත් නිකන් හිටියේ නෑ . රාජපක්ෂ කඳවුරත් එක්ක තරඟෙට දෙමළ විරෝධය විකුනන්ට ගත්තා.
කොහොම හරි මේ ගේම් එක ඉවර උනේ යුධ්දෙට ඩොලර් බිලියන දෙසීයක් විතර පිච්චිලා සහ උතුරේ දමිළ ජීවිත ලක්ෂගානක් නැතිවෙලා.
රාජපක්ෂලා කියන්නේ බලය ධනය පසුපස වියරුවෙන් මෙන් හඹායන ඒත් මතවාදයෙන් හිස් චෞර රැලකට. රාජපක්ෂලාගේ ඒ හිස් මතවාදී අවකාශය ගෝත්‍ර වාදයකින් පුරවව්වේ වීරවංශ ප්‍රමුඛ ධම්මන්පිල,පාඨලී ඇතුළු පිරිස. මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම මහින්ද චින්තනය උනාට ඒ චින්තනය පැහැදිලිවම විමල්ගේ. වෙනකක් තබා මහින්ද චින්තනය කියන නම පවා යෝජනා කරන්නෙ විමල්…
මහින්ද කියන්නෙ 88,89 වකවානුවේ මානවහිමිකම් වෙනුවෙන් ජීනීවා ගිය චරිතයක්. මහින්ද මුලින්ම කිව්වෙ යුද්ධය මගේ ක්‍රමය නෙමේ කියලා. නමුත් බලය කියන සාධකය හමුවේ මහින්ද ගාව මොනයම් හෝ තිබුන සාධනිය සියල්ල යට ගිහින් වීරවංශගේ ගෝත්‍රවාදය රාජපක්ෂලාගේ මතවාදී පෙරමුණ බවට පත්වෙනවා. මෙතනදී මහින්ද කරපු බරපතලම වරද පොඩිවට තිබුන වීරවංශ ගෝත්‍රවාදයට ජීවය දීලා ඒක රටේ ජාතික දැක්ම බවට පත්කරපු එක..
නිශ්පාදන මාදිලි ගෝලීයකරණයවූ මේ යුගයේ ජාතික ස්වයං පෝෂිත ආර්ථිකයක් පවත්වාගෙන යා හැක්කේ ආදිවාසී ගෝත්‍රවලට පමණයි. වර්තමානයේ නොනැසී පැවතීමට නම් අවම වශයෙන් ආදීවාසී ගෝත්‍ර වලට පවා එවන් සීමාවක සිටිය නොහැකිය. විමල් ජ.වි.පෙ. තුල සිටියදී ගෙනා “ගන්න අපේ දේ” “සූර්‍ය සිංහ ලාංචනය” වැනි දූපත්වාදී ප්‍රචාරණයන් වූකලී මේ බූගෝලීය ආර්ථික සත්‍යය වසංකොට ජාතිකවාදී ව්‍යාජ යථාර්තයක් අධිනිශ්චය කිරිමට ගත් වෑයමකි.
මහා සමාජය ජාතිවාදී නම් නරුම දේශපාලකයාට ජාතිවාදී වීමට සිදුවන්නේ තමාගේ පැවැත්මට මහා සමාජය දැන් පවතින තැන වැදගත්වන නිසාය. විමල්ගේ නරුමවාදයේ ආරම්බය එතැනය.
ජනඝාතක යුධවාදයට යටිතල පහසුකම් සැපයූ “දෙශහිතෛශී ජාතික ව්‍යාපාරය” මානෙල් මල් ව්‍යාපාරය” වැනි නරුම සංස්ථාපිතයන් විමල්ගේ කවය තුල නිර්මාණය වන්නේ එකී යථාර්ථය තුලය…
වීරවංශ චරිතාපදානය යනු කිසිසේත්ම ඉතිහාස අහම්බකාරකයක් නොවේ. ඔහු පල්ගඳ ගහන සමාජ දේහයෙම ඓන්ද්‍රීය පලයකි. මේක ඇතුලේ තියෙන අපද්‍රව්‍ය වලින්ම නිර්මාණය වෙලා පන ඇවිල්ලා නැගිටපු දේශපාලන චරිතයකි. මෙහි ඇති බයානක කම ඇත්තේද එතනමය. මන්ද, දියුණු ශිෂ්ඨ මතවාද මේ පොලොවේ පැල නූනාට වීරවංශ වර්ගයේ ගොත්‍රවාද මේ පොලොවේ පහසුවෙන් වේගයෙන් පැලවෙන සහ ඇවිලෙන හෙයින්..
මෙතෙන්දි අපි සැලකිලිමත් වෙන්ට ඕන ගෝළීය කරනයට එරෙහිවෙමින් I.M.F. බිල්ලා පෙන්වමින් මේ ගෝත්‍ර දේශප්‍රේමීන් ලංකාව ඊළඟට අරන් යන්න හදන්නෙ මොන උගුලක් දිහාවටද කියන එකයි.
බටහිර ණය මූලාශ්‍රවලින් සාමාජික රටවල් වලට ණය පහසුකම් දෙන්නෙ ගත් ණය ආපසු ගෙවන ක්‍රමය සහ ගත් ණය පලදායි ලෙස යොදවන්නේදැයි සොයා බැලීමේ විනය රාමුවකට යටත්වය. නමුත් ෆැසිස්ට් ආර්ථික උපායමාර්ගයන් අනුගමනය කරන චීනය වැනි රටවල්වල ණය මූලාශ්‍රවල හැසිරීම මීට වෙනස්ය.
ඔවුන් ණය ලබාදීමේදී ඔවුන් දුන් ණය පලදායි ලෙස යොදවන්නේදැයි නොසොයයි. (උදා:-නෙළුම් කුළුනු ණය, හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාපිටි සඳහා ණය) මේ පසුබිම තුල ලංකාව තුල වාර්ථාගත මුල්‍ය වංචා දූෂණ සිදුව ඇත්තේ චීන ණය ගනුදෙනුවේදීය.
චීනයේ දිගු කාලීන උපාය මාර්ගය වන්නේ ගෙවිය නොහැකි ණය උගුලක ණය ලබාගත් පාර්ශ්වය හිරකරවීමය. ලොව බොහෝ ණය මූලාශ්‍ර ලංකාවට ලබාදුන් ණය සහන කාලයක් තුල ප්‍රතිව්‍යුහගතකිරීමට කැමැත්ත පලකරනු ඇතැත් චීනය එයට කැමැත්ත පලකර නැත. ඒ වෙනුවට ඔවුන් වානිජ පොලියට ලංකාව ඔවුන්ගෙන් ගත් ණය පියවීමට වානිජ පොලියටම තවතවත් ණය ලංකාව මත පැටවීමට උත්සාහ කරයි.
මෙහි අවසානය ණයට හිලවුකර ගැනීමට වරායකට ගුවන්තොටුපොලකට වඩා වැඩි දෙයක් නැති ලංකාව වැනි දුර්වල රාජ්‍යයක් ඔවුන්ගේ කලාපීය බල දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාවේ යම් යම් තැන් බලෙන් පවරාගැනීමේ අනතුරක්ද අප හමුවේ පවතී.
මෙහිදී ගෝත්‍රවාද මාකට් කරලා බලය ඩැහැගෙන යුවාන් කොමිස්වලින් මල්ල පුරවාගැනීමට කැසකවන ඊනියා දේශප්‍රේමී කම්බ හොරුන්ගේ සහ චීනයේ කූඨ බල දේශපාලන ෆැසිස්ට් උවමනාවන් එකට සමපාත විය හැකිය. ඒ අනුව කොල්ලකාරී චීනයේ ඊළඟ ලාංකීය තැරැව්කාර භූමිකාව රඟදැක්විම වීරවංශ නඩයේ ඉදිරි ක්‍රියාන්විතය වීමට ලොකු ඉඩකඩක් පවතී..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ