ආණ්ඩුව විසුරුවා හරින්නේ නැතිනම් අය-වැය පරාජය කරනවා
වහාම ආණ්ඩුව විසුරුවා නොහරින්නේ නම් ලබන මස ඉදිරිපත්වන අයවැය පරාජය කිරීමට කටයුතු කරන බව ආණ්ඩුපක්ෂයේ සැලකියයුතු මන්ත්රී පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින ආණ්ඩුව අසථාවර එක්කබව පිළිගෙන රටේ ජනතාවටත් ලෝකයටත් පිළිගත හැකි නව පාලනයක් ඇතිකළහොත් පමණක් පවතින අර්බුදවලට පිළියම් සෙවිය හැකි බව එම මන්ත්රී කණ්ඩායම විටින් විට ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
පොහොට්ටුවේ දැඩි බල ග්රහණය තුළ රටට වැඩදායී බොහෝ තීන්දු ගත නොහැකි වීම තුළ ප්රශ්නය දිගින් දිගටම උඝ්රවන බවත් මේ තත්ත්වය පුපුරා යා නොදී වහාම මහාමැතිවරණයක් කැඳවන ලෙසත් මැදිහත් මන්ත්රීවරු ගණනාවක් ජනාධිපතිවරයාට පවසා ඇතැයි ආණ්ඩුවේ තොතරු මූලාශ්ර හෙලි කරයි.
මේ වනවිට යථාර්ථය නම් ස්වකීය විශ්රාම වැටුප ගැන කල්පනා කරන සහ රාජපක්ෂ පවුලට කොන්දේසි රහිත නැමියාවක් දක්වන පොහොට්ටුවේ සුළු කණ්ඩායමක් හැරුණු විට සිය දේශපාලන අනාගතය තවත් විනාශ කර නොගෙන මැතිවරණයකට යෑමේ අපෙක්ෂාව බහුතරයක් මන්ත්රීවරුන්ට ඇතැයි දැනගන්නට ඇත.
කුමන හෝ බලපෑමක් මත මැතිවරණය කල් යන්නේ නම් අයවැය පරාජය කර ආණ්ඩුව අවසන් කරන බව එම මන්ත්රීවරුන් දන්වා තිබේ.
“රටේ ප්රශ්නවලට උත්තර සොයන්න ජනතාවගේ විශ්වාසයෙන් ගිලිහුන මේ ආණ්ඩුවට දැන් බෑ. අපි ඒක පිළිගන්න වෙනවා. විශ්වාසය යළි ගොඩනාග ගන්නත් අපට තිබුණු කාලය අපි ඉතා ඉක්මනින් අහෝසි කරගත්තා. දැන් ස්ථාවර ආණ්ඩුවක් පත් කරගන්න තියන එකම විකල්පය මහා මැතිවරණයක් විතරයි.“
“මීට ඉහත දීත් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් තිබුණා. එහෙම නොකළොත් අයවැය පරාජය කරනවා.“ ආණ්ඩුපක්ෂයේ මන්ත්රීවරයෙක් මේ ගැන අදහස් හෙලි කරයි.