ජිනීවා ජන්දයෙන් ලංකාව පරදී!
ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබේ.
යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද ඊට විපක්ෂව ඡන්ද 07ක් ද ලැබී ඇත.
එමෙන්ම සාමාජික රටවල් 20ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබුණි.
පසුගිය වතාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී ලංකාවට පක්ෂව ජන්ද 11ක් ලැබිණ.
නමුත් මෙවර එය 7 දක්වා පහත් වැටී තිබීම විශේෂ සිදුවීමකි.
කැපී පෙනෙන සිදුවීම වූයේ මෙවර ඉන්දියාව සහ ජපානය ජන්දය දීමෙන් වැළකී සිටීමය.