ත්‍රස්ත පනත යටතේ මුදලිගේ සමග අත්අඩංගුවට ගෙන දින 50ක් රඳවාගත් අශාන් ජීවන්ත නිදොස් කොට නිදහස්!
අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන හෂාන් ජීවන්ත ගුණතිලක මුදාහැරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක් රඳවාගැනීමේ නියෝග මත පුරා දින පනහක් තිස්සේ රඳවාගෙන ප්‍රශ්න කළ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත ගුණතිලක තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
පුරා දින 50ක් තිස්සේ රඳවා තබාගෙන ප්‍රශ්න කළ හෂාන් ජිවන්ත ගුණතිලකට චෝදනා ගොනුකිරීමට කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
කෙසේ වෙත්ත මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියෝ මේ වනතුරුත් රඳවාගෙන ප්‍රශ්න කරති.
update
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමග අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 50ක් රඳවා ගෙන සිටි හෂාන් ජීවන්ත ගුණතිලක මුදා හැරීමට තංගල්ල මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර අද (7) නියෝග කර තිබේ.
හෂාන් ජීවන්ත ගුණතිලකට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බව පවසමින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගෙන ඔහු මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් සමග අත්අඩංගුවට ගත් හෂාන් ජීවන්ත ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
එහිදී හෂාන් ජීවන්ත සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු දින 50ක් තිස්සේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි දැනුම් දී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන කළ ද එම පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවූ බව දැනුම් දී ඇති ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ජීවන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි දින 90ක් රඳවා තබා ගැනීමට අගෝ. 22 වන දා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අවසර ලබා දෙනු ලැබ තනි තිබිණි.
අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අගෝ. 18 වන දා කොළඹ පවත්වන ලද විරෝධතාවක් අතරතුර ඔවුන් අත්අඩංගුවට පත් විය.