කරන්න …නොකරන්න …
අකමැති නම් මස් මාළු නොකා ඉන්න . කන උන්ගේ මස් මාළු අනුභව නොකරන්න …
අකමැති නම් කොටට නොඇඳ ඉන්න . අඳින උන්ව පතුරු නොගසන්න …
අකමැති නම් ප්‍රේම නොකර ඉන්න . ප්‍රේම කරන උන්ගේ වස්ත්‍ර නොගලවන්න..
කැමති නම් විවාහ වන්න. අකමැති නම් උන්ට නිදහසේ ඉන්න දෙන්න …
කැමති නම් දරුවන් හදන්න. අකමැති හා දරුවන් නැති උන්ගේ මනස කාබාසිනියා නොකරන්න..
අකමැති නම් මෝස්තර නොකර ඉන්න . කැමති උන්ට ඕන මඟුලක් කරගන්න දෙන්න ..
අකමැති නම් මත්පැන් සිගරට් නොබී ඉන්න . කැමති උන්ගේ හතර වරිගය අනුභව නොකරන්න (නීති විරෝධී නොවන )
අකමැති නම් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ගමන් නොයා ඉන්න . යන එකාගේ මව්තුමියන්ව සිහි නොකරන්න…
කැමති නම් මුහුදේ හෝ පිහිණුම් තටාකයකට රෙද්දක් සායක් ඔතාගෙන පනින්න . පිහිණුම් ඇඳුම් අඳින එකාගේ ඇඳුමේ නූල්වල දිග පළල නොසොයන්න…
අකමැති නම් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් නොවිඳ ඉන්න . කැමති උන්ට කැති, පොරෝ, උදැලු නොදමන්න..
කැමති ආගමක් අදහන්න. අදහන්නේ නැති උන්ට ආගම් කොටා නොපොවන්න..
කැමති නම් කවි හෑලි නවකතා ලියන්න . අකමැති නම් නොකියවා මග හැර ඉන්න..
කැමති නම් සීරියස් චරිතයක් වෙන්න . සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න චරිත ඝාතනය නොකරන්න…
කොටින් ම උන්ට පාඩුවේ ඉන්න දෙන්න .. ??
උපුටාගැනිමකි ..