22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට සූදානම් : සජිත් ප්‍රේමදාස
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
- ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම,
- ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම
- පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම
යන කරුණු තුන විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා ලබාදීම සඳහා කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන බව ද විපක්ෂනායකවරයා කීය.