පොලිස් වෙඩිල්ලෙන් 14 හැවිරිදි දරුවෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහලේ …. (VIDEO)
මාතර තිහගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14ක දරුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
මාතර තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ අද පස්වරු 4.30ට පමණ.
ළමුන් පස් දෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණා.
මෙලෙස වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබුයේ මාතර නායිම්බල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හරේෂ් හංසක දේශාන් නම් සිසුවෙක්.
කෙසේ වෙතත් සිද්ධිය සිදු වූ අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථයේ සිටි සිසුවෙකු චෝදනා කළේ සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ වැටලීමක් අතරතුර සිදු වූ පොර බැඳීමකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෙහි දී ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව කුපිත වූ ප්‍රදේශවාසීන් මාතර පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා.