සනත් නිශාන්තගේ වාහනයට ගිය 15 වැනිදා හැප්පුණු දෙදරු පියා අද මියයයි!
රාජ්ය ඇමැති සනත් නිශාන්තගේ නිල රියට ඉකුත් 15 වැනිදා හැපුණු පුද්ගලයකු අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පුත්තලම මුල්ලිපුරම ප්රදේශයේ පදිංචි මෙම පුද්ගලයා දෙදරු පියෙකි.
මෙම සිදුවීම ඔක්තෝබර් 15 වන දින වාර්තා කළේ මෙසේය.
සනත් නිශාන්තට තවත් ලෙඩක්! ගිය වාහනේ පුද්ගලයකු හැපී බරපතළයි!
රාජ්ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය තවත් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
පුත්තලම නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇති අතර ඒ හේතුවෙන් අනෙක් රථයේ සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙන්නේ.
එම තුවාලකරුවා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත යොමුකර ඇති බවයි කියන්නේ. අනතුරට පත් පුද්ගලයා පුත්තලම, තිල්අඩිය ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියෙකු බව පැවසෙනවා.