කොවිඩ්වලින් බේරෙන්න ‘කොළඹ පැවැත්වෙන’ දින 21ක පිරිත ඇරඹේ
රට වැසි සැමට සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා.
ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ආශිර්වාද කිරීම පිරිත් සජ්ජායනය සංවිධාන කිරීමේ අරමුණයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව පිංකම සංවිධාන කළා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රි කල්‍යාණ යෝගාශ්‍රමාධිපති පූජ්‍ය පහලවිටියල ජනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනාවට රට පුරා විසිර සිටින ආරණ්‍යවාසී මහා සංඝරත්නය 200 නමක් එක්ව සිටිනවා.
සධාතුක කරඬුව තැන්පත් කිරීම සහ පිරිත් දේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා