පොලිස් ලොක්කන් 05ක් ඊයේ දේශබන්දු ගේ අනීතික අණ නොතකති!… නිතිපතිත් හමුවෙයි !

විපක්ෂයේ දේශපාලන පකෂ ඇතුළු සංවිධාන විසින් ඊයේ (02) කොළඹ දී පවත්වන්නට යෙදුණු විරෝධතාව මර්ධනය කිරීමට අදාළව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දෙන ලද බව කියන නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කිරීම එම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස් දෙනකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර ඔවුන් පසුව ඊයේ ( 02 දා බදාදා) දිනයේදීම නීතිපතිවරයා හමුවී මේ පිළිබඳව දන්වා සාකච්ඡා කර ඇත.

ඊයේ (02) සවස පවත්වන්නට නියමිතව තිබූ මෙම විරෝධතාව මර්දනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අදාළ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා නියෝග ලබා දී ඇතත් පවතින නෛතික තත්ත්වය මත එලෙස පොලිසියට ක්‍රියා කළ නොහැකි බවත් එවැනි තත්ත්වයක් තුළ තමන්ට පෞද්ගලිකවද නෛතික අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවිය හැකි බවත් මෛම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේ වුවද මෙම විරෝධතාව මර්ධනය කිරීමට එම නියෝග පිළිපැදිය යුතු බවට අවධාරණය කර ඇතත් එය ප්‍රතික්ෂේප කොට පවතින නෛතික තතත්වය මත කළ යුතු පියවර අනුගමනය කිරීමට මෙම නිලධාරීන් කියා කර ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මේ තත්ත්වය හමුවේ නිර්මාණය විය හැකි පසුබිම පිළිබඳව මෙම ජෙයෂ්ඨ නිලධාරීන් ඊයේ දිනයේදීම නීතිපති සංජය රාජරත්නම්ගෙන් අවස්ථාවක් ලබාගෙන ඔහු දැනුවත් කර ආදළ උපදෙස් ලබා ගෙන ඇති බව සඳහන් වේ.

ඊයේ විරෝධතාවයේ දී රජය හැසිරෙන ආකාරය ගැන ජාත්‍යාන්තරය දැඩි අවධානයකින් යුතුව නිරීක්ෂණය කර තිබිණි.